ශ්‍රී ලංකාවට පූර්ව අනුමැතියකින් තොරව පැමිණෙන සියලු දෙනා මුදල් ගෙවා නිරෝධායනය විය යුතුයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
21

ශ්‍රී ලංකාවට පූර්ව අනුමැතියකින් තොරව පැමිණෙන සියලු දෙනා මුදල් ගෙවා නිරෝධායනය විය යුතුයි

ශ්‍රී ලංකාවට පූර්ව අනුමැතියකින් තොරව පැමිණෙන සියලු දෙනා මුදල් ගෙවා නිරෝධායනය විය යුතුයි

ලබන 26 වනදා සිට විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පූර්ව අනුමැතියකින් තොරව ශ්‍රී ලංකාවට පැමිණිමට අවසර හිමිවනවා.එසේ පැමිණෙන සියලු දෙනා මුදල් ගෙවා නිරෝධායනය විය යුතු වෙනවා

 

රජයේ නිරෝධායන පහසුකම් සඳහා ලංකාවට පැමිණෙන ගුවන් ගමන් ශ්‍රී ලංකා රජය විසින් විදේශ රටවල ශ්‍රී ලංකා දූත මණ්ඩල සමග සම්බන්ධීකරණයෙන් සංවිධානය කරන බවයි.

 

සංක්‍රමණික ශ්‍රමිකයන්, සිසුන්, රෝගීන්, කෙටිකාලීන වීසා බලපත්‍ර ලාභීන්, රජයේ සහ හමුදා නිලධාරීන් හට මෙම රජයේ නිරෝධායන පහසුකම් සැපයෙනු ඇති.

 

කෙසේ වෙතත් ශ්‍රී ලාංකිකයන් හෝ ද්විත්ව පුරවැසිභාවය දරන්නන් හට නම් කරන ලද හෝටලයක දී මුදල් ගෙවා නිරෝධායනය වීමට පොරොන්දුව මත පූර්ව අනුමැතියකින් තොරව ශ්‍රී ලංකාවට පැමිණිමට අවසර හිමිවනවා.

 

ඒ අනුව විදේශ ලේකම් හෝ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනුමැතියකින් තොරව ඕනෑම වාණිජ ගුවන් ගමනකින් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා අවසර දෙන බවයි විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ.

 

 

views

669 Views

Comments

arrow-up