කොළඹ ගමන් පරිස්සමෙන් - තවමත් වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ කොළඹින්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
08

කොළඹ ගමන් පරිස්සමෙන් - තවමත් වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ කොළඹින්

කොළඹ ගමන් පරිස්සමෙන් - තවමත් වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ කොළඹින්

ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 703 දෙනා අතුරින් 371 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.

 

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ ඒම පිරිගෙන් 192 දෙනෙකු බොරැල්ලෙන් හදුනා ගත් බවයි.

 

කොම්පඤ්ඤවීදිය හා දෙමටගොඩින් යන ප්‍රදේශවලින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 32 ක්.

 

පසුගිය ඔක්තෝබර් 04 වනදායින් පසුව කොළඹ දිස්ත්‍රික්කයෙන් මේ දක්වා හමුවී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 11,706 ක් වනවා.

 

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 102 ක්ද –

කලුතරින් 64 ක්ද –

අම්පාරින් 51 ක්ද –

හම්බන්තොටින් 46 ක්ද ලෙස ආසාදිතයන් වාර්තා වී ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළා.

 

මහනුවරින් ආසාදිතයන් 25 ක් –

නුවරඑළියෙන් ආසාදිතයන් 22 ක් –

ගාල්ලෙන් ආසාදිතයන් 12 ක් –

පුත්තලමින් ආසාදිතයන් 05 ක් –

අනුරාධපුරයෙන්ආසාදිතයන් 02 ක් සහ කුරුණෑගල – මාතලේ හා මඩකලපුව දිස්ත්‍රික්වලින් එක් ආසාදිතයෙකු බැගින්ද ඊයේ දිනයේදී වාර්තා වුණා.

 

 

 

views

561 Views

Comments

arrow-up