මහර බන්ධනාගාර සිද්ධියේ මරණ 09 දක්වා ඉහළට - තුවාල 113 යි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
01

මහර බන්ධනාගාර සිද්ධියේ මරණ 09 දක්වා ඉහළට - තුවාල 113 යි

මහර බන්ධනාගාර සිද්ධියේ මරණ 09 දක්වා ඉහළට - තුවාල 113 යි

මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාවයෙන් තුවාල ලබා සිටි තවත් රැඳවියෙකු මියගොස් තිබෙනවා.

 

මේ අනුව මුලු මරණ සංඛ්‍යාව 09 දක්වා ඉහළ යන බවයි රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා පවසන්නේ.

 

පසුගිය ඉරිදා පස්වරුවේ සිදුවූ නොසන්සුන්තාවයෙන් තුවාල ලැබූවන් 113 දෙනෙකු ප්‍රතිකාර සඳහා රැගෙනවිත් තිබූ බවද ඔහු සඳහන් කලා.

 

ඉන් 52 දෙනෙකුට සිදුකල පරීක්ෂණ අනුව 38 දෙනෙකුට කොවිඞ් ආසාධනය වී ඇති බවට තහවුරු කරගත් බවයි රෝහල් අධ්‍යක්ෂවරයා කියාසිටියේ.

 

ඉන් 26 දෙනෙකු ඊයේ හඳුනාගෙන තිබුණේ රැපිඞ් ඇන්ටිජන් ටෙස්ට් හෙවත් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂා අනුවයි.

 

ඔවුන් සහ අද පී සී ආර් පරීක්ෂණ කල 12 දෙනෙකුද ලෙස සමස්ත 38 දෙනෙකු මේ වනවිට කොවිඞ් ආසාධිතයන් ලෙස තහවුරු කරගෙන තිබෙනවා.

 

views

540 Views

Comments

arrow-up