බීමතින් නාගයෙක් සිපගන්න හැදූ පුද්ගලක් , නාගයා දෂ්ඨ කිරීමෙන් මරුට

ප්‍රදේශවාසීන් පැවසූවේ මියගිය පුද්ගලයා බීමතින් සිටි අවස්ථාවක ගෙවත්තට නයෙකු පැමිණ ඇති අතර, අදාළ පුද්ගලයා නයා අල්ලා නයා සිපගනිමට හා තවත් ක්‍රියාකාරකම් රැසක් සිදුකිරීමට ගොස් ඇති බවයි.
මියගිය පුද්ගලයා නයා අල්ලා විවිධ ක්‍රියාකාරකම් සිදුකොට අනතුරුව නයා කැළැවට විසිකොට නිදා ගැනීමට ගොස් ඇති අතර, අදාළ අවස්ථාවේ ශරීරයේ වේදනාවක් හටගැනීමෙන් අනතුරුව පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කොට ඇති බවද ප්‍රදේශවාසීන් පවසාසිටින්නේ.
රෝහල් ගත කිරීමෙන් අනතුරුව අදාළ පුද්ගලයා ජිවිතක්ෂයට පත්ව ඇති අතර, මියගිය පුද්ගලයාගේ මළ සිරුර සම්බන්ධයෙන් ඊයේ (30) සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී නයා දෂ්ඨ කිරීමෙන් ඇතිවූ නයි විෂ හේතුවෙන් මරණය සිදුව ඇති බවට අනාවරණය වි ඇති බවද ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්වැටිතුරෙයි පොලිසියෙන් සිදුකළ විමසීමකදී පොලිසිය පැවසූවේ නයෙකු අල්ලා විසි කිරීමට ගිය අවස්ථාවක පුද්ගලයෙකුට නයෙකු දෂ්ඨ කිරීමෙන් වයස අවුරුදු 50 පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.
1223 Views
Comments