වැට් බද්ද 8% දක්වා අඩු කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
27

වැට් බද්ද 8% දක්වා අඩු කෙරේ

වැට් බද්ද 8% දක්වා අඩු කෙරේ


වැට් බදු සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. අද (27) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැවති කැබිනට් හමුවේදී මේ සම්බන්ධයෙන් වන තීරණය ගෙන ඇත.

 


ඒ අනුව දැනට සියයට 15 ක්  වන වැට් බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්ද වන සියයට 2ක් වන බදු සියල්ලේ   එකතුව වන සියයට 17 ක් වන මුළු බද්ද සියයට 8ක් දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙනවා. එය ලබන දෙසැම්බර් මස 01 වෙනිදා සිට ක්‍රියාත්මක බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටියේ.

 


මිට අමතරව විදුලි සංදේශන බද්ද සියයට 25ක් දක්වා අඩු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණ කර ඇත. විදේශ රටවල සේවය කරනු ලබන ශ්‍රී ලාංකිකයින් මෙරටට එවන මුදල් සඳහා පනවා තිබෙන සම්ප්‍රේෂණ සඳහා පනවා තිබු බද්ද සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමට තීරණය කර ඇත.

 


එමෙන්ම ආර්ථික සේවා බද්ද, කොටස් වෙළදපලේ ආදායම් මත පනවන ප්‍රාග්ධන ආදායම් බද්ද, උපයන විට ගෙවීම් සඳහා වන බද්ද, පොලී මත පනවා තිබෙන බදු අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

 

views

1240 Views

Comments

arrow-up