අද කාලගුණය

අද (10) දිනයේදී දිවයිනේ සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන කිහිපයක රාත්‍රී කාලයේ හෝ සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මීට අමතරව ගාල්ල, මාතර, පොළොන්නරුව මුලතිව් යන දිස්ත්‍රික්ක වලත් අද දිනයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. ඉහත ප්‍රදේශ සඳහා මිලිමීටර් 100ක පමණ වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ නිවේදනයේ සඳහන් වන්නේ.
දිවයින වටා ඇති මුහුදු ප්‍රදේශ අතුරින් මන්නාරමේ සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශයෙන් වස්වරුවේ සහ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළඟේ වේගය පැයට කිලෝමීටර් 20-25 වන අතර පුත්තලමේ සිට මන්නාරම දක්වා විහිදෙන මුහුදු ප්‍රදේශ වල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40-45 ක් දක්වා අද දිනයේ දී වැඩි විය හැකියි.
717 Views
Comments