මාස 6 ක මෙහෙයුමකින් පසුව Nasa SpaceX Crew Dragon පෘථිවියට සාර්ථකව ගොඩ බසී (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
03

මාස 6 ක මෙහෙයුමකින් පසුව Nasa SpaceX Crew Dragon පෘථිවියට සාර්ථකව ගොඩ බසී (PHOTOS)

මාස 6 ක මෙහෙයුමකින් පසුව Nasa SpaceX Crew Dragon පෘථිවියට සාර්ථකව ගොඩ බසී (PHOTOS)

මාස හයකට ආසන්න දිගුකාලීන මෙහෙයුමක් සම්පූර්ණ කරමින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටි ගගනගාමීන් සිව්දෙනා රැගත් Space X හි Crew 1 කැප්සියුලය ඊයේ (02) අළුයම් කාලයේදී මෙක්සිකෝ බොක්ක ආශ්‍රිත ප්‍රදේශයට සාර්ථකව ගොඩ බෑමට සමත් වී තිබුණා.

 

එසේ පෘථිවියට නැවත පැමිණියේ නාසා ගගනගාමීන් වන මයිකල් හෝප්කින්ස්, වික්ටර් ග්ලෝවර්, ෂැනන් වෝකර් සහ ජපන් අභ්‍යවකාශ ඒජන්සියේ ගඟනගාමී සොයිචි නොගුචි යන ගාමින් සිව් දෙනායි.

 

ඔවුන් රැගත් Space X Crew Dragon කැප්සියුලය පැරෂුට් 4 ක් ආධාරයෙන් ෆ්ලොරිඩාවේ පැනමා නගරයේ වෙරළට ඔබ්බෙන් වූ මුහුදු කලාපයට ඊයේ සාර්ථකව ගොඩබා තිබුණා.

 

ඉන් අනතුරුව SpaceX හි ගලවාගැනීමේ යාත්‍රා කිහිපයක් ආධාරයෙන් ඔවුන් සාර්ථකව ගොඩබිමට ගෙන ඒමට සමත් වී තිබුණා. නාසා ආයතනයේ සහ SpaceX Crew 1 මෙහෙයුම ආරම්භ කළේ 2020 නොවැම්බර් 15 වැනිදාය. ඒ ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට දියත් කෙරුණු ෆැල්කන් 9 රොකට්ටුවක් ආධාරයෙනි.

 

මේ ගඟනගාමීන් සිව්දෙනා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් දින 167 ක කාලයක් ගතකර තිබුණා. එමෙන්ම ඔවුන් පෘථිවිය වටා 2688 වාරයක් ගමන් කර තිබුණා. එම දුර සැතපුම් 61,242,199 ක්. 1968 දෙසැම්බර් 27 වන දා පැසිපික් සාගරයට ඇපලෝ 8 නැවත පැමිණීමෙන් පසුව රාත්‍රී කාලයේ දී අභ්‍යවකාශ යානයක් පෘථිවියට ගොඩ බෑ පළමු අවස්ථාව ද මෙය වනවා.

 

Crew 1 මෙහෙයුමේ ගගනගාමීන් ජාත්‍යන්තර අභ්‍යවකාශයේ සිට ක්‍රියාත්මක පරීක්ෂණ සහ තාක්ෂණික නිරූපණ කිහිපයක් සඳහාම දායක වී තිබුණා. ඔවුන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රසායනාගරයේ සිට ප්‍රෝටීන් ස්ඵටික සංවර්ධනය කිරීම සහ අධ්‍යනය කිරීම, ඖෂධ සොයා ගැනීම් සහ ඒවා ඉදිරියට ගෙන යාම, රොබෝ තාක්ෂණය යනාදී පරීක්ෂණ කිහිපයක්ම සිදු කර තිබුණා.

 

කෙසේ නමුත් මේ වන විට අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටින්නේ Crew 2 මෙහෙයුම යටතේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගිය ගගනගාමීන් පිරිසයි. ඔවුන් අප්‍රේල් 23 වන දා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ඇතුළු වූ අතර තවත් මාස 6 ක කාලයකින් පසුව පෘථිවියට නැවත පැමිණීමට නියමිතයි.

 

 

 

 

 

 

 

views

931 Views

Comments

arrow-up