බ්‍රිතාන්‍යයට වඩා ශ්‍රී ලංකාව හොඳින් සංවිධානාත්මකයි - බ්‍රිතාන්‍ය සංචාරකයෙක් BBCයට කියයි

බ්‍රිතාන්‍යයට සාපේක්ෂව කොරොනා වයිරස් තර්ජනයට එරෙහිව සටන් කිරීමට ශ්‍රී ලංකාව හොඳින් සංවිධානය වී ඇති බව බ්‍රිතාන්‍ය සංචාරකයෙක් බීබීසීයට පවසයි.
ග්‍රේම් ඇබට් නම් බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයෙක් කියා සිටියේ බ්‍රිතාන්‍යයට සාපේක්ෂව කොවිඩ් -19 තර්ජනයට එරෙහිව සටන් කිරීමට ශ්‍රී ලංකාව හොඳින් සූදානම්ව සිටින බවයි. ඔහු මේ බව පැවසුවේ ප්‍රවෘත්ති විකාශනයක දී බීබීසීය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
මෙම සංචාරකයා සති 3 කට පෙර ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර සති 2 ක් ශ්‍රී ලංකාවේ ගත කර , කොවිඩ් -19 පැතිරීම මැඩපැවැත්වීම සඳහා දිවයින පුරා ඇඳිරි නීතිය පැනවීමට ශ්‍රී ලංකා රජය තීරණය කිරීමට පෙර නැවත බ්‍රිතාන්‍යයට පැමිණ තිබෙනවා.
ඔහු කියා සිටියේ ගුවන් යානයේ ශ්‍රී ලංකාවට පියාසර කරමින් සිටියදී ඔවුන්ගේ තොරතුරු පිරවීම සඳහා පෝරමයක් ලබා දී ඇති අතර ඔවුන් ගොඩබසින විට ගුවන් තොටුපල නිලධාරීන් ඔවුන්ගේ තොරතුරු යාවත්කාලීනව පවතින බවයි.
තවද, ගුවන්තොටුපළේ ශරීර උණුසුම පරීක්ෂා කිරීම සඳහා යන්ත්‍රවලින් සමන්විත වූ අතර ගුවන් තොටුපලෙන් ඔවුන්ගේ හෝටල්වලට යාමට අවසර දීමට පෙර විවිධ පරීක්ෂණවලට භාජනය වීමට සිදු වූ බව ග්‍රේම් ඇබට් පවසයි.
රටවල් 2ක ක්‍රියාත්මක වන ක්‍රමවේදයන් අත්විඳ ඇති බැවින් ඔබ හොඳින් සූදානම් යැයි සිතන්නේ කුමන රට දැයි ප්‍රවෘත්ති විකාශනයේ දී නිවේදිකාව ඇසූ විට, ඔහු වහා නොසන්සුන් ලෙස පිළිතුරු දුන්නේ බ්‍රිතාන්‍යයට සාපේක්ෂව ශ්‍රී ලංකාව වඩා හොඳින් සූදානම් යැයි තමා සිතන බවයි.
Seen this on BBC News tonight- Words of a British tourist on how Sri Lanka was very well organised and structured to fight against COVID - 19 comparing to wealthy Britain. Hats off to his Excellency President and SL forces for their timely actions to abort / delay a major disaster 🇱🇰🙏
Posted by Damith Wijesinghe on Saturday, March 28, 2020
723 Views
Comments