ඇඳිරි නීතිය අස්සේ කාන්තාවන් ගණනාවක් ගුටිකා රෝහලේ!

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් රට තුල දින තුනක් තිස්සේ ඇඳිරි නීතිය පනවා තිබියදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ට මුහුණදෙන්නට සිදුව තිබෙන අළුත්ම ගැටළුව වී ඇත්තේ සිය සැමියන්ගේ පහරදීම් නිසා තුවාල ලබා රෝහල්ගතවන කාන්තාවන් බව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රධාන හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා සඳහන් කර තිබේ.
ෆේස්බුක් සටහනක් මගින් ඇය මේ පිළිබඳ හෙළිදරව් කර තිබේ. විශේෂයෙන්ම ඇදිරිනීති තත්වය නිසා මේ වනවිට අති බහුතරයක් ස්වාමි පුරුෂයන් නිවෙස්වලට වී කාලය ගතකරන අතරතුර ඇතිවෙන විවිධ අඹු-සැමි ගැටුම් නිසා අනතුරුවලට ලක්වී තුවාල ලබා රෝහල්ගත වන කාන්තාවන් ප්‍රමාණය ඉහළ යාමය. වෙනත් හදිසි අනතුරු තත්වයන් එතරම් වාර්තා නොවන කාලයක සියලුම වෛද්‍ය සහ හෙද නිලධාරීන් කොරෝනා තත්වය මර්දනය සඳහා පූර්ණ අවධානය යොමුකර තිබියදී මෙලෙස ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් කාන්තාතවන් රෝහල්ගත වීම ඉතා බරපතල ඛේදවාචකයක් බවට සැකයක් නැත.
අද(22) දිනයේ පමණක් හදිසි අනතුරු අංශයට පැමිණි රෝගීන් 66 දෙනාගෙන් 20 දෙනෙක්ම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නිසා තුවාල ලැබු කාන්තාවන් බව පුෂ්පා රම්‍යානි සොයිසා සඳහන් කර සිටියි.
CEDAW (Convention on the Elimination of All Forms of Discrimination Against Women) සම්මුතිය සඳහා ශ්‍රී ලංකාවද බැඳී පවතින හෙයින් එහි ඇති සම්මුතීන් අනුව කාන්තාවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වයෙන් ඔවුන් ආරක්ෂා කිරීමට රජය බැඳී සිටියි. අදාල හිංසනයන්ට එරෙහිව නීතිය ඉතා දැඩි බැවින් අදාල පරීක්ෂණ සිදුකර නීතිමය පියවර ගැනීමට පොලීසිය කටයුතු කිරීම අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තකි.
1168 Views
Comments