මෙරට සියළු දුරකථන සේවා සපයන සමාගම්වලින් පාරිභෝගිකයින්ට සහන

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මෙරට සියළු දුරකථන සේවා සපයන සමාගම් වලට පාරිභෝගිකයින්ට සහන සලසන ලෙස උපදෙස් ලබාදි තිබේ.
ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සියළුම ටෙලිකොම් දුරකථන, ජංගම දුරකථන සහ නිවෙස්වල සෘජු දුරකථන මෙන්ම කේබල් ටී.වී සේවා සපයන ආයතන වෙත දැනුම් දී ඇත්තේ පසුගෙවීම් පාරිභෝගිකයින් සඳහා බිල්පත් ගෙවීමට සහන කාලයක් සලසන ලෙසටය.
එමෙන්ම, එම සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසත් පෙර ගෙවුම් පාරිභෝගිකයින් සඳහා හදිසි ක්‍රෙඩිට් පහසුකමක් සහ අමතර කතා කාලයක් ලබා දීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන ලෙසට ද උපදෙස් ලබා දි තිබේ.
1089 Views
Comments