සතියකට පෙර නඩු තීන්දුව දැන සිටි ගලගොඩඅත්තේ හිමි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
06

සතියකට පෙර නඩු තීන්දුව දැන සිටි ගලගොඩඅත්තේ හිමි

සතියකට පෙර නඩු තීන්දුව දැන සිටි ගලගොඩඅත්තේ හිමි


පසුගිය රජයේ කිසිවෙකුට නීතියේ පාරිශුද්දත්වය පිළිබද කතාකිරීමේ අයිතියක්‌ නොමැති බව පුජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර ස්වාමින්වහන්සේ පවසනවා. අද පැවති බොදු බල සේනාව සංවිදනය කල  මාධ්‍ය හමුවකදියි උන්වහන්සේ මේ බව ප්‍රකාශ කලේ.

 

 


පසුගිය පාලන සමයේ තමන් සම්බන්ධ එක් නඩු විභාගයකදී නඩු තීන්දුව දීමට සතියකට පෙර තමන් එම තීන්දුව (ලැබෙන දඩුවම හා දඩ මුදල ) දැන සිටිය බව උන්වහන්සේ ප්‍රකාශ කරනවා. 

 


එය පැවසුවේ එවකට ඇමතිවරයෙකුගේ ගෝලයෙකු බවයි උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ. එබැවින් පසුගිය රජයේ කිසිවෙකුට නීතියේ පාරිශුද්දත්වය පිළිබද කතාකිරීමේ අයිතියක්‌ නොමැති බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරනවා

views

775 Views

Comments

arrow-up