ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ රැස් වීමට නියමිතව තිබෙනවා.
මෙම රැස්වීමේදී වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට සූදානම් බවයි වාර්තා වන්නේ.
රටේ ආර්ථිකය සම්බන්ධයෙන් මෙන්ම රට මුහුණ දී ඇති කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ජනතාවට සිදුව ඇති බලපෑම සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇති බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
561 Views
Comments