ජනවාරි අග වන තෙක් සිරිපා වන්දනාවට නොපැමිණෙන්නැයි ඉල්ලීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
23

ජනවාරි අග වන තෙක් සිරිපා වන්දනාවට නොපැමිණෙන්නැයි ඉල්ලීමක්

ජනවාරි අග වන තෙක් සිරිපා වන්දනාවට නොපැමිණෙන්නැයි ඉල්ලීමක්

පවතින කොරෝනා වෛරස වසංගත තත්වය හේතුවෙන් ශ්‍රී පාදස්ථානය වන්දනාමාන කිරීමට පැමිණීමෙන් වලකින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටුව බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරනවා.

 

වන්දනා සමය ආරම්භයත් සමඟ බැතිමතුන්ගේ පැමිණීමේ අධික වීම හේතුවෙන් වසංගත තත්ත්වයෙන් දැඩි අවධානමක් පවතින බවයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

 

මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලින් සංචරණ සීමා ක්‍රියාත්මක අතර හැටන් වතු ආශ්‍රිතව වෛරසය පැතිරයාමේ වැඩි අවදානමක්ද මතුව තිබෙනවා.

 

 

 

views

650 Views

Comments

arrow-up