හිටපු ජනපතිගේ බෑණා සහ හිටපු හමුදාපති අතර ගනුදෙනු ගැන විමර්ශන
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
08

හිටපු ජනපතිගේ බෑණා සහ හිටපු හමුදාපති අතර ගනුදෙනු ගැන විමර්ශන

හිටපු ජනපතිගේ බෑණා සහ හිටපු හමුදාපති අතර ගනුදෙනු ගැන විමර්ශන

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බෑණා වන තිළිණ සුරංජිත් මහතා සහ හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා සම්බන්ධ ටෙන්ඩර් ගනුදෙනු පිළිබඳ විමර්ශන යළි ආරම්භ වී ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි. 

 


තිළිණ සුරංජිත් මහතා සම්බන්ධ දූෂිත ගනුදෙනු ගණනාවක් පිළිබඳ පසුගිය ආණ්ඩු සමයේදීම පැමිණිලි ලැබී තිබුණු අතර මුල් අවදියේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මේවා පිළිබඳ විමර්ශන සඳහා අනුබල ලබාදුන් නමුත් පසුව ඒවා යටගසන ලදී. 

 

 

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පවුලේ සාමාජිකයකු වීමෙන් ලැබුණු බලය උපයෝගී කරගනිමින් දූෂිත ගනුදෙනු ගණනාවකට තිළිණ සුරංජිත් මහතා මැදිහත්ව තිබුණු අතර හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ හිටපු දැව සංස්ථා සභාපතිවරයා සිර දඬුවම් ලැබූ අල්ලස් ගනුදෙනුවේ කෙළවරක පවා ඔහු සිටි බවට තොරතුරු එවකට වාර්තා වී තිබිණි. 

 


එසේම හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා සමඟ ඉතාම සමීප සබඳතාවක් පවත්වාගෙන ගිය තිළිණ සුරංජිත් මහතා හමුදාවට සපත්තු සැපයීමේ කොන්ත්‍රාතුව ඇතුළු සැපයුම් කොන්ත්‍රාත්තු ගණනාවක්ම ඔහු හරහා වංචනික ලෙස ලබාගෙන ඇති බවට ද හෙළිවී ඇත. 

 


ඒ අනුව මෙම දූෂිත ගනුදෙනු සම්බන්ධයෙන් අතරමඟ නැවතී පැවති විමර්ශන යළි ආරම්භ වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

views

881 Views

Comments

arrow-up