JAN
01
ජනපති දුන් බදු සහන අද සිට ක්‍රියාත්මකයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව ජනතාව වෙත ලබාදුන් සියලු බදු සහන අද (01) සිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.
"ජනවාරි 01 වනදා සිට අර සියලූම, කලින් ප්‍රකාශයට පත් කරපු බදු සහන, බදු අහෝසි වීම් සියල්ලම ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් වශයෙන් උපයනවිට ගෙවීමේ බදු නෑ. රැඳවුම් බදු නෑ. වැට් බදු 8%යි.
අනිත් සියලුම සඳහන් කරපු බදු ප්‍රතිසංස්කරණ, බදු සහන යෝජනා මේ පළවෙනිදා සිට දිගටම ක්‍රියාත්මක වෙනවා." යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
755 Views
Comments