පතෝල කිලෝවක් මිලදී ගැනීමට ඇඹුල් කෙසෙල් කිලෝ 16 ක් විකුණු ඇඹිලිපිටියේ ගොවීන්

පතෝල කිලෝවක් මිලදී ගැනීමට ඇඹුල් කෙසෙල් 16Kg විකිණීමට තමන්ට සිදු වූ බව ඇඹිලිපිටිය ආර්ථික මධ්‍යස්ථානයේ කෙසෙල් ගොවීන් ප්‍රකාශ ප්‍රකාශ කරනවා.
ඒ පිට පළාත් වලින් කෙසෙල් මිලදී ගැනීමට වෙළඳුන් පැමිණ නොසිටි නිසාවෙනි. ඇඹිලිපිටිය ආර්ථික මධ්‍යස්ථානයේ ඇඹුල් කෙසෙල් 1Kg ක මිල රුපියල් 10.00 ලෙස දක්වා තිබුණා. ඊට අමතරව සීනි කෙසෙල් 1kg ක මිල රුපියල් 3.00ක් දක්වා අඩු වී තිබුණා.
මේ හේතුව නිසාම ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව ඇඹිලිපිටිය ආර්ථික මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරී සම්පත් උදයංග මහතා ප්‍රකාශ කළා.
කෝලිකුට්ටු 1Kg ක් රුපියල් 60.00 ත් 70.00 ත් අතර මිලක් දක්වා පහළ ගොස් තිබුණු අතර මීට පෙර ඇඹිලිපිටිය ආර්ථික මධ්‍යස්ථානයේ විකිණීමට තබා තිබූ කෝලිකුට්ටු 1Kg ක මිල රුපියල් 240.00 වී තිබුණා.
මේ අතර ගස්ලබු 1kg මිල රුපියල් 40 ක් වූ අතර ඒවා අලෙවි කිරීමට නොහැකි තත්ත්වයක් පවා උදාවී තිබුණා. මේ හේතුවෙන් ඒවා අලෙවි කිරීමට පැමිණි ගොවීන් දැඩි අසීරුතාවයකට මුහුණ දී සිටිනු දක්නට හැකි වුණා.
1353 Views
Comments