APR
02
මෙරට කොරෝනා රෝගීන් ගණන 150ක් වෙයි

මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව150 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරනවා. ඒ තවත් ආසාදිතයින් දෙදෙනෙක් හදුනා ගැනීමත් සමඟයි.
අද (02) පස්වරුවේ වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අද දිනය තුළ තවත් ආසාදිතයින් දෙදෙනෙකු තහවුරු වී ඇති බවයි.
මෙම නව ආසාදිතයින් දෙදෙනාම ඊයේ දිනයේ මිය ගිය කොරෝනා ආසාදිතයා ලඟින් ඇසුර කළ පුද්ගලයින් බව අනාවරණය වී තිබෙනවා.
783 Views
Comments