කොරෝනා රෝගීන් 5ක් දැඩි සත්කාර ඒකකයට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
27

කොරෝනා රෝගීන් 5ක් දැඩි සත්කාර ඒකකයට

කොරෝනා රෝගීන් 5ක් දැඩි සත්කාර ඒකකයට

ශී‍්‍ර ලංකාවෙන් තහවුරු කර ගැනුණු කොරෝනා ආසාදිතයින්ගෙන් පස් දෙනෙකු දැඩි සත්කාර ඒකකවල ප‍්‍රතිකාර ලබමින් සිටිනවා.

 

ඉන් සිව් දෙනෙකු ප‍්‍රතිකාර ලබන්නේ අංගොඩ IDH රෝහලේයි. වැලිකන්ද රෝහලේද තවත් අයෙකු දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටිනවා.

 

ශී‍්‍ර ලංකාවෙන් තහවුරු කළ නව කොරෝනා ආසාධිතයන් ගණන ඊයේ (26) දිනයේ 106 ක් දක්වා වැඩි වුණා.

 

සමස්තයක් ලෙස මේ දක්වා කොරෝනා ආසාදනය වි පුද්ගලයින් 6 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය පැවසුවේ. 

views

832 Views

Comments

arrow-up