ප්‍රමිති ආයතනය හංගපු විස ආහාර මොනවාද? සෞඛ්‍ය අංශ හෙලි කරයි (VIDEO)

මීට දින කිහිපයකට පෙර විශ සහිත ආහාර පිළිබඳව ප්‍රමිති ආයතනය සභාපතිවරිය කළ ප්‍රකාශ හේතුවෙන්න මේ වන විට ජනතාව පරිභෝජනය කරන ආහාර ප්‍රමිතිය පිළිබඳව දැඩි කතාබහක් ඇති විය.
ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක් සමග සාකච්ඡාවකට සම්බන්ධ වූ ප්‍රමිති ආයතනයේ සභාපතිවරිය වන සිද්ධිකා මහත්මිය පිලිකාකාරක ගෙනෙන තවත් සමාගම් කීපයක් ඇති නමුත් ඒවා තමාට හෙලි කිරීමට නොහැකි බව පවසා සිටියා.
මේ පිළිබඳ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමඟ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවැත්වූ truth with chamuditha වැඩසටහනේදි අදහස් දක්වා සිටියා.
එහිදී වෛද්‍යතුමන් විසින් කිරිපිටි, මාගරින් හා විවිධ තෙල් වර්ග ගැන අනාවරණය කලා. එමෙන්ම ලංකාවට ගෙන්වන්නේ විදෙස් රටවල වරක් පිසීමට යොදාගත් තෙල් බවද ඒ මහතා අනාවරණය කලා.
වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය සමන්ත ආනන්ද මහතා ප්‍රකාශ කර සිටියේ සිද්ධිකා මහත්මියගේ පත්වීම පිළිබඳව ද ගැටලු ඇති බවයි. මේ පිළිබඳව පොලිස්පතිවරයා සහ ජනාධිපතිවරයා ජනාධිපතිවරයා ද දැනුවත් කර ඇති බව ඒ මහතා ප්‍රකාශ කර සිටියා.
සම්පූර්ණ වැඩසටහන මෙතනින් බලන්න.
මෙම වැඩ සටහනේ අයිතිය සහ ගෞරවය Truth with Chamuditha Youtube නාලිකාව සතුය.
906 Views
Comments