මැරිලා කියලා මෝචරියට ගිහිං දාපු සිල්වා බිරිඳ ඇවිත් හඬද්දි යළි නැගිට්ට හැටි

එළොව ගිගිං මෙලොව ආපු පුද්ගලයෙකු ගැන මීගමුව රෝහලෙන් වාර්තා වෙනවා.
මේ සිද්ධිය වාර්තා වෙන්නේ ඊයේ දිනයේයි.ආසාද්‍ය වූ 45 හැවිරිදි ඇලෙක්සැන්ඩර් සිල්වා මීගමුව රෝහලට හදිසියේ ඇතුළත් කරනු ලැබුවා.
බැලු බැල්ලමට ඔහු මිය ගිය බවට තහවුරු කළ වෛද්‍ය කාර්‍ය් මණ්ඩලය ඔහුව ඒ සැනින් මෝචරියට ගෙනවිත් දැමුවා.
ඒ ඔහුගේ ශරීරය පොලිතීන් බෑගයක දමාය.එය එසේ මෙසේ පොලිතීන් කවරයක් නොව එය හොදට සීල් තැබු මෝචරි බෑගයකි.
කොරෝනා සැක සහිත මරණ එලෙස සීල් බෑගයක බහා මෝචරිවල මළ සිරුරු දමනුයේ පී.සී.ආර් කිරීමේ අපේක්ෂාවෙන්.
මෙලෙස මෝචරියට සිල්වාව දමා මීගමුව රෝහල් පොලිසිය විසින් ඔහුගේ බිරිදට ඇමතුමක් ගත්තා.
"හෙලේ..මේ රෝහල් පොලිසියෙන්,ඔයාගේ මහත්තයා නැති වුණා.බොඩි එක භාර ගන්න ඉක්මනට එන්න"
ඒ සැනින් සිල්වා මහත්මිය හඬා ගෙන රෝහලට ආවා.
මෝචරියට ගිගිං ස්වාමියාව බදා ගෙන ඇය හඩන්න පටන් ගත්තා.
"මේ මනුස්සයා දඟලනවා."
ඇය ඒත් සමඟම ඔහුව වසා දමා තිබු බෑගයෙන් ඔහුව එළියට ගත්තා. මෙන්න මැරුණා කියපු සිල්වා මෝචරි ට්‍රොලියෙන් නැගිටලා ඇදට ගිහිං වාඩි වුණා. සිල්වාටත් හිතා ගන්න බෑ මේ වුණු නස්පැත්තිය.
රැධිරයේ සීනි වැඩි වුණු නිසා සිල්වාට කලන්තයක් දාලා. ඒ කලන්තේ ඉන්න මනුස්සය මලා කියලා තමා රෝහල් කාර්‍ය් මණ්ඩලය සිල්වාව මෝචරියට දාලා තියෙන්නේ.
මේ අකරතැබ්බේ ගැන වෙනම පරීක්ෂණයකුත් ආරම්භ කරලා තියෙන්නේ. සිල්වා මෝචරියේ පැය දෙකක් සිහිසුන්ව ඉදලා. ඔහුගේ බිරිද ආවේ නැත්නම් සිල්වා මෝචරි බෑග් එකේම හුස්ම හිරවෙලා මැරිලා මෙලෙහට.
896 Views
Comments