බස් රථය හරස් කර කොන්දොස්තරට මිටියෙන් ගැසූ රියදුරු අත්අඩංගුවට, කොන්දොස්තර රෝහලේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
14

බස් රථය හරස් කර කොන්දොස්තරට මිටියෙන් ගැසූ රියදුරු අත්අඩංගුවට, කොන්දොස්තර රෝහලේ

බස් රථය හරස් කර කොන්දොස්තරට මිටියෙන් ගැසූ රියදුරු අත්අඩංගුවට, කොන්දොස්තර රෝහලේ

උත්සව සමයේ ගම්බිම් බලා ගමන් කරන මගින් ද සමගින් ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වෙමින් පැවති බස් රථයක කොන්දොස්තරවරයෙකු ට අලුත්ගම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මාර්ග අංක 400 දරණ පෞද්ගලික බස් රථයේ රියදුරුවරයා විසින් මිටියකින් පහර දී තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා බේරුවල පොලීසිය විසින් ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

මෙම පහර දීම සිදු වී ඇත්තේ බේරුවල ප්‍රදේශයේ දී බවයි වාර්තා වන්නේ.

 

බස්රථ දෙක තරගකාරී ලෙස ධාවනය කරමින් තිබූ අවස්ථාවේ දී එක් බස් රථයක් විසින් අනෙක් බස් රථය හරස්කර ඇති අතර එහිදී අලුත්ගමින් ගමන් ආරම්භ කළ බස් රථයේ රියැදුරු විසින් ගාල්ලෙන් ගමන් ආරම්භ කළ බස් රථයේ කොන්දොස්තරවරයාට මිටියකින් පහර දී තුවාල සිදු කර තිබෙනවා.

 

එහිදී ඇති වූ තුවාල හේතුවෙන් පහරකෑමට ලක් වූ කොන්දොස්තරවරයා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

 

පුද්ගලයෙකුට පහර දී තුවාල සිදුකිරීම සහ ආවේගශීලී හා කලහකාරීව හැසිරීම සම්බන්ධයෙන් අලුත්ගම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයේ රියැදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

බස්රථ දෙකේම සිටි ගම්බිම් බලා ගමන් කරමින් සිටි ජනතාව වෙනත් බස් රථ වලින් පිටත් කර හැරීමට ද එහිදී පොලීසිය කටයුතු කර තිබෙනවා.

 

මේ සම්බන්ධයෙන් බේරුවල රථ වාහන පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් සිටී.

views

838 Views

Comments

arrow-up