JAN
15
පොලිස් පරීක්ෂකවරයෙකු පොලිසියේදීම වෙඩි තබාගෙන ජීවිතක්ෂයට

මිරිහාන පොලීසියට අනියුක්තව සේවය කරනු ලබන පොලිස් පරීක්ෂකවරයෙක් සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබා ගෙන සියදිවි නසා ගෙන තිබෙනවා.
අද (15) උදෑසන මෙම පොලිස් පරික්ෂකවරයා පොලිසිය තුලදීම මෙලෙස වෙඩි තබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
වෙඩි තබා ගැනිමෙන් අනතුරුව දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.
වෙඩි තබා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
671 Views
Comments