පුත්තලම මාර්ගයේ දුම්රිය කටුනායකට පමණයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
22

පුත්තලම මාර්ගයේ දුම්රිය කටුනායකට පමණයි

පුත්තලම මාර්ගයේ දුම්රිය කටුනායකට පමණයි

කටුනායක සහ පුත්තලම දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය තාවකාලකිව නතර කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා

 

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ ලබන 26 වැනි දින පෙ.ව. 8.00 සිට 28 වන දින ප.ව. 8.30 දක්වා කුරණ සහ මීගමුව දුම්රිය ස්තාන අතර දුම්රිය මාර්ගය වසා තබන බවයි.

 

මෙම දිනයන් හි කොළඹ කොටුව සහ කටුනායක දුම්රිය ස්ථාන අතර පමණක් දුම්රිය ධාවනය කරන බව බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

 

කෙසේ වෙතත් ලබන 28 වැනි දින ප.ව. 8.30 සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

views

717 Views

Comments

arrow-up