“දරුවන්ට යළි දුක් විඳීමට ඉඩ දෙන්නේ නෑ” - ජනපතිගෙන් ප්‍රකාශයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
20

“දරුවන්ට යළි දුක් විඳීමට ඉඩ දෙන්නේ නෑ” - ජනපතිගෙන් ප්‍රකාශයක්

“දරුවන්ට යළි දුක් විඳීමට ඉඩ දෙන්නේ නෑ” - ජනපතිගෙන් ප්‍රකාශයක්

දරුවන් වෙනුවෙන් ඉදිරි වසර 5 - 10 තුළ වඩා හොඳ රටක් නිර්මාණය කර දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

 

ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ රටේ කිසිදු දරුවෙකුට දුක්විඳීමට ඉඩ නොතබන බවය.

 

පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සිසුන් ලක්ෂයකට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණි.

 

මේ සඳහා ජනාධිපති අරමුදලෙන් වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 4ක්.

 

"2022 - 2023 අපි ඔක්කෝටම අමාරු කාලයක් තිබුණේ. අපි හුඟාක් දුක්වින්ඳා. සමහර විට ආහාර වේලක් නැතිව ගියා. සමහර විට පාසලට යන්න බස්රථයක් වාහනයක් තිබුණේ නෑ. දැන් ඒ කාලේ ඉවරයි. මම තීරණය කළා ජනාධිපති වුණාම මේ දරුවන් දුක්විඳින්න ඕනේ නෑ කියලා. පුළුවන් ඉක්මනින් මේකෙන් ගොඩවෙන්න ඕනේ කියලා. ඒ අනුව තමා 2024 අවුරුද්ද වෙනකොට රටේ බංකොලොත්භාවය නැති කරලා, ඊට වඩා හොඳ රටක් දෙන්න ඉන්නේ. අපි පුළුවන් විදියට උදව් කරන්න බලාපොරොත්තු වුණා. පළමු වැන්න අදායම. බොහෝදෙනෙක්ගේ ආදායම් නැතිවුණා. ඒ අනුව අස්වැසුම වැඩසටහනින් පවුල් ලක්ෂ 24කට ආදායම් දුන්නා. දෙවැන්න අයිතිය. ගොඩක් අයට තමන් ජීවත් වුණ ඉඩමේ, තමන් වගා කරපු ඉඩමේ, තමන් ජීවත්වුණ තට්ටු නිවාසයේ අයිතිය තිබුණේ නෑ. ඒ හැම එකේම අයිතිය අපි ජනතාවට දීලා තියෙන්නේ."

views

183 Views

Comments

arrow-up