ඉන්දීය විදේශ ඇමති එස්. ජෙයිශංකර් දිවයිනට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
20

ඉන්දීය විදේශ ඇමති එස්. ජෙයිශංකර් දිවයිනට

ඉන්දීය විදේශ ඇමති එස්. ජෙයිශංකර් දිවයිනට

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජෙයිශංකර් මහතා අද (20) උදෑසන දිවයිනට පැමිණියේය.

 

ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මෙරට සංචාරය දේශපාලනික වශයෙන් ඉතා වැදගත් සංචාරයක් වනු ඇති බව දේශපාලන විචාරකයින් පවසයි.

 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට සංචාරයට පෙර දෙරට අතර ක්‍රියාත්මක ව්‍යාපෘති සමාලෝචනය කිරීම සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා දිවයිනට පැමිණ ඇතැයි වාර්තා වේ.

 

කෙසේවෙතත් ශ්‍රී ලංකාව තුළ ද මේ වන විට දේශපාලනික අර්බුදයක් මතුව ඇති අතර ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මේ වනතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව සඳහන්ය.

views

194 Views

Comments

arrow-up