මිහින්තලේදී ලොරි රථයක් සහ ඉන්ධන බවුසරයක් ගැටී අනතුරක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
20

මිහින්තලේදී ලොරි රථයක් සහ ඉන්ධන බවුසරයක් ගැටී අනතුරක්

මිහින්තලේදී ලොරි රථයක් සහ ඉන්ධන බවුසරයක් ගැටී අනතුරක්

මහනුවර - යාපනය ඒ 9 මාර්ගයේ දී එළවළු  තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සහ ඉන්ධන බවුසරයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බවත් එක් අයෙකුගේ තත්ත්වය බර පතල බව මිහින්තලේ පොලිසිය පවසයි.

 

එම මාර්ගයේ,  මිහින්තලය - පලුගස්වැව ප්‍රදේශයේදී අද (20) අලුයම 3.00 ට පමණ අනතුර සිදුව ඇති තිබේ.

 

අනතුරින් මෙලෙස රෝහල ගත කර ඇත්තේ,  එළවළු ලොරියේ ගමන් ගත් රියදුරු සහ ලොරි සහායකයා වන බව පොලිසිය කියයි.

 

තුවාල ලැබු ලොරි රථ රියදුරා සහ රිය සහයක  යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

 

එළවළු ලොරි රථය, යාපනය ප්‍රදේශයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත එළවළු තොගයක්  ප්‍රවාහනය කරමින් තිබියදී  මාර්ගයේ නවතා තිබූ ඉන්ධන බවුසරයක  පිටු පස ගැටීමෙන්  එළවළු ලොරි රථය මාර්ගය හරහා පෙරලි  ගොස් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කලේය.

 

එළවළු ලොරි රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට සැක කරන බව අනතුර සම්බන්ධයෙන්  පරීක්ෂණ සිදු කරන පොලිසිය කියයි.  

 

මෙම අනතුර සම්බන්ධයෙන් මිහින්තලේ පොලිසියේ රථ වාහන අංශය වැඩි දුර විමර්ශන සිදු කරති. 

views

231 Views

Comments

arrow-up