ඇඳිරිනීතිය පිළිබඳ නවතම නිවේදනයක් (01 - 04 - 2020)
විදේශගත ඔබට
Latest_News
calendar
APR
01

ඇඳිරිනීතිය පිළිබඳ නවතම නිවේදනයක් (01 - 04 - 2020)

ඇඳිරිනීතිය පිළිබඳ නවතම නිවේදනයක් (01 - 04 - 2020)

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වන තුරු දිගටම බලාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නවතම නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා. 

 

සෙසු සියළු දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද (01) උදේ 6.00ට ලිහිල් කෙරුණු අතර, අද දහවල් 2.00ට යළි පනවනු ලැබෙනවා.

 

මේ දිස්ත්‍රික්කවල යළි පැනවෙන ඇඳිරි නීතිය අප්‍රේල් 06, සඳුදා උදේ 6.00 දක්වා ක්‍රියාත්මකව පවතිනවා. 

 

මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය එදිනම, එනම් අප්‍රේල් 06 සඳුදා දහවල් 2.00 සිට යළි ක්‍රියාත්මක කෙරෙනවා. 

 

අත්‍යාවශ්‍යම සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.

 

අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලැබෙනවා. 

 

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ද සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපයීමට රජය සියලු විධිවිධාන සලසා ඇති බවයි පෙන්වා දෙන්නේ. 

 

කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කරන සහ කුඩා තේවතු හා අපනයන භෝග නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත ජනතාවට එකී වැඩ කිරීමට අවසර හිමි වනවා. 

 

කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා බැවින් එකී ක්‍රියාමාර්ග සහ උපදෙස් වගකීමෙන් පිළිපදින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 

කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවල  හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ගම්මාන හුදකලා ප්‍රදේශ ලෙස තවදුරටත් සලකනු ලැබෙනවා. 

views

797 Views

Comments

arrow-up