"හමුදාව හොදට සැලකුවා...ඇස්වලට කදුලුත් ආවා" - මුලදී විරෝධය දැක්වූ අයෙක් (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
25

"හමුදාව හොදට සැලකුවා...ඇස්වලට කදුලුත් ආවා" - මුලදී විරෝධය දැක්වූ අයෙක් (VIDEO)

"හමුදාව හොදට සැලකුවා...ඇස්වලට කදුලුත් ආවා" - මුලදී විරෝධය දැක්වූ අයෙක් (VIDEO)

ආරක්ෂක අංශ මගින් ආරම්භ කළ ිරෝධායන ක්‍රියාවලියට ආරම්භයේ දී දැඩිව විවේචන එල්ල කළ ඉතාලියෙන් පැමිණිය අයෙකු ඊයේ නිරෝධායන කටයුතු අවසන් කර නැවත නිවෙස් බලා යන අතර දී ඊට හාත්පසින්ම වෙනත් කතාවක් ප්‍රකාශ කිරීම සමාජ මාධ්‍ය හරහා දැඩි අවධානයට යොමුව තිබෙනවා.

 

ඔහු ඇතුළු පිරිස ඉතාලියේ සිට පැමිණි අවස්ථාවේදී ටුනායක ගුවන්තොටුපලේදී නිරෝධායන මධ්‍යස්ථානයට යන අතරමගදී මාධ්‍යයට හා මාජ මාධ්‍ය හරහා දැඩිව විරෝධය පල කරමින් ප්‍රකාශ නිකුත් කර තිබුණා.

 

ඊයේ දිනයේ දී ඔහු ඇතුළු තුන්සිය එකොලොස් දෙනකු නිරෝධායනය කටයුතු අවසන් කර නිවෙස් බලා යන අවස්ථාවේ දී හමුදා නිලධාරීන්ට ස්තුතිය හා ප්‍රශංසාව පළ කරමින් ඔවුන් පිටව ගිය ආකාරය දැකගත හැකි වුණා.

 

නිරෝධායන කදවුරුවලදී ආරක්ෂක අංශ නිලධාරීන් තමන් ඇතුළු පිරිසට සැලකූ ආකාරය ඔහු ප්‍රකාශ කළේ "ඇසට කඳුළුත් ආවා" යැයි පවසමින්.

 

තවද තමා මුලදී සමාජ මාධ්‍ය ඔස්සේ දැමූ වීඩියෝවලින් වැරදි වැටහීමක් ඇති කර නොගන්නා ලෙසත් ඔහු සදහන් කර තිබුණා.

 

 
"මං දැමූ වීඩියෝ වලින් වැරදි වැටහීමක් ඇතිකර ගන්න එපා... "

"මං දැමූ වීඩියෝ වලින් වැරදි වැටහීමක් ඇතිකර ගන්න එපා... "

Posted by ITNnews on Tuesday, March 24, 2020

 

 

views

827 Views

Comments

arrow-up