කොරෝනා රෝගියෙකුගේ මරණයකදී අනුගමනය කළ යුතු දේ ගැන අධිකරණ වෛද්‍යවරුන්ට උපදෙස්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
23

කොරෝනා රෝගියෙකුගේ මරණයකදී අනුගමනය කළ යුතු දේ ගැන අධිකරණ වෛද්‍යවරුන්ට උපදෙස්

කොරෝනා රෝගියෙකුගේ මරණයකදී අනුගමනය කළ යුතු දේ ගැන අධිකරණ වෛද්‍යවරුන්ට උපදෙස්

කොරෝනා වයිරසය අසාදනය වීමෙන් ලංකාව තුළ තවමත් මරණයක් වාර්තා වී නොමැති නමුත් රෝහලක සිටින කොරෝනා රෝගියෙකු මියගියහොත් අනුගමනය කළ යුතු අනුගමනය කළ යුතු සම්මත ක්‍රියා පටිපාටිය පිළිබඳ රට පුරා අධිකරණ වෛද්‍ය නිලධාරීන්ට උපදෙස් දී ඇත.

 


එම ක්‍රියාපටිපාටියට අනුව ඔවුන්ගේ අගමිකත්වය නොසලකා මියයන රෝගීන් සියලු දෙනා සියලු දෙනාගේ දේහයන් පැය 24 ක් තුළ ආදාහනය කරනු ලැබේ.

 


අධිකරණ වෛද්‍ය නිලධාරීන් වෙත දන්වා ඇත්තේ දැඩි සත්කාර ඒකකයක හෝ ඒ සඳහා වෙන් කර ඇති විශේෂ ඒකකයක මරණය සිදුවන බැවින් පශචාත් මරණ පරීක්ෂණයක් අනවශ්‍ය බවයි.

 


මෙම ක්‍රියා පටිපාටිය වෙනත් ඕනෑම බෝවන රෝගයක් සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රමවේදය බව පැවසේ.
එම ක්‍රියා පටිපාටියට අනුව පවුලේ සාමාජිකයින්ට දේහය බැලීමට සීමිත කාලයක් ලබා දෙන අතර එය සිදුවිය යුත්තේ රෝහල් පරිශ්‍රය තුළ පමණක් වන අතර ඥාතීන්ට ආරක්‍ෂිත ඇඳුම් ලබාදිය යුතු වේ. ඥාතීන්ට පෙන්වනු ලබන්නේ මියගිය අයගේ මුහුණ පමණි. ශරීරය ස්පර්ශ කිරීමට ඉඩ නොදෙන බවද පවසයි.

 


ඉන්පසු දේහය අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන්ට භාර දිය යුතුය.
මෙම ක්‍රියාවලිය අවමංගල්‍ය සේවා සපයන පුද්ගලයන්ට වයිරසය පැතිරිය හැකි බැවින් එම්බාම් කිරීම සපුරා තහනම්ය.
අවමංගල්‍ය සේවාවල කාර්යභාරය වන්නේ සිරුර වහාම මල්ලක දමා මිනී පෙට්ටියක තබා මිනීපෙට්ටිය මුද්‍රා තැබීමයි.

 


මුද්‍රා තැබූ මිනී පෙට්ටිය ආගමික වත්පිළිවෙත් සඳහා පමණක් කාමරයක හෝ නිවසක තැබිය හැකිය.

 


සමූහ රැස්වීම් සහ අවමංගල්‍ය කටයුතු සඳහා අවසර නොමැත.

 

views

728 Views

Comments

arrow-up