කිසිම පොකුරකට සම්බන්ධ නෑ කියූ ගාල්ලේ ආසාදිතයාටත් පොකුරක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
30

කිසිම පොකුරකට සම්බන්ධ නෑ කියූ ගාල්ලේ ආසාදිතයාටත් පොකුරක්

කිසිම පොකුරකට සම්බන්ධ නෑ කියූ ගාල්ලේ ආසාදිතයාටත් පොකුරක්

ගාල්ල අක්මීමන ප්‍රදේශයේ අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවත් මෙම පුද්ගලයාට වෛරසය ආසාදනය වූයේ කෙසේදැයි මූලාශ්‍රයක් තහවුරු වී නැති ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග වෛද්‍යවරයා කළින් සඳහන් කිරීමත් සමඟ බොහෝ දෙනා භීතියට පත් වුණා. 

 

සමාජ මාධ්‍ය වල පවා සමාජයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වන බවට ප්‍රචාර ගෙන ගොස් තිබුණා.

 

ඒහෙත් 23 හැවිරිදි කොරෝනා ආසාදිත බවට හඳුනාගත් පුද්ගලයා පසුගිය දිනක මිනුවන්ගොඩ ප්‍රදේශයේ සාදයකට සහභාගී වී ඇති බවට අනාවරණය වී තිබෙන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරනවා.

 

විදෙස්ගත වීමට අවශ්‍ය PCR පරීක්ෂණය සදහා පෞද්ගලික රෝහලකින් පරීක්ෂාවක් කර ගැනීමේදී අදාළ පුද්ගලයාට කොරෝනා අසාදනය වී ඇති බව ඊයේ (29) හෙළිවුණා. 

 

මේ අතර ඔහුගේ සහෝදරයා සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරෝධායනය වී නිවසට පැමිණි අයෙක් බවද සදහන්.

 

 

views

986 Views

Comments

arrow-up