ඊයේ මිය ගිය කොරෝනා රෝගියාගේ අවසන් කටයුතු අද
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
23

ඊයේ මිය ගිය කොරෝනා රෝගියාගේ අවසන් කටයුතු අද

 ඊයේ මිය ගිය කොරෝනා රෝගියාගේ අවසන් කටයුතු අද

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය කොරෝනා රෝගියාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතයි.

 

මියගිය කාන්තාවගේ පවුලේ ඥාතීන් සමග සාකච්ඡා කිරීමෙන් පසු අවසන් කටයුතු සිදුකෙරන ස්ථානය පිළිබඳ තීරණය කරනු ඇති.

 

ඊයේ පස්වරුවේ සිදු වූ මෙම මරණය මෙරටින් වාර්තාවන 14 වන කොවිඞ් ආසාදිත මරණයයි.


කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව තහවුරු වීමෙන් පසුව ඇය කුලියාපිටිය මූලික රෝහලේ සිට පසුගිය 17 වනදා අයි ඩී එච් රෝහල වෙත මාරු කර එවා තිබුණා.

 

එම කාන්තාව නිධන්ගත රෝග රැසකින් පෙලී ඇති බවත් අදාල නිධන්ගත රෝගයක සංකූලතා හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවත් වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා තහවුරු කළා.

 

views

753 Views

Comments

arrow-up