පැන ගිය කොවිඩ් ආසාදිත තරුණයා බොරැල්ලෙන් සොයාගනී
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
23

පැන ගිය කොවිඩ් ආසාදිත තරුණයා බොරැල්ලෙන් සොයාගනී

පැන ගිය කොවිඩ් ආසාදිත තරුණයා බොරැල්ලෙන් සොයාගනී

අද උදෑසන කොස්ගම රෝහලෙන් පැනගොස් සිටි කොවිඩ් 19 ආසාදිතයා බොරැල්ල ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා. 

 

බොරැල්ල සහස්පුර නිවාස සංකීර්ණයේ සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.

 

කොරෝනා වෛරසය ආසාදනය වූ 26 හැවිරිදි තරුණයෙකු එම රෝහලෙන් අද(23) උදෑසන 6.00 ට පමණ පැන ගොස් ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අද උදෑසන නිවේදනය කළා 

 

මෙම ආසාදිතයා අද අළුයම 1.30 ට පමණ රෝහල් ගත කර ඇති පුද්ගලයෙකි.

 

ඔහු සීතාවක වත්ත, නව කැළණි පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන් වේ.

 

views

689 Views

Comments

arrow-up