හොරණ - හෝමාගම හමුදා නිලධාරීන් දෙදෙනකුට කොරෝනා

විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායනයට යොමු කරවීමට කටුනායක ගුවන් තොටුපළේ රාජකාරි සඳහා අනුයුක්තව සිටි යුද හමුදාවේ ලුතිනන් කර්නල්වරුන් දෙදෙනකු කොවිඩ් 19 ආසාදනයවීමෙන් අයි.ඩී.එච්. රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.
මේ සමගම මෙම නිලධාරීන් දෙදෙනා සමග සමීපව රාජකාරි කළ හමුදා නිලධාරීන් හා සෙබළුන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ද නිරෝධායනය සඳහා යොමුකර ඇත.
මෙම නිලධාරීන් දෙදෙනා හොරණ හා හෝමාගම ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.
හොරණ සේවය කළ යුද හමුදා නිලධාරියා හොරණ නගරයේ වෙළෙඳසල් හතරකට ගොස් සිටි නිසා තාවකාලිකව ඒවා වසා දැමීමට හොරණ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්හ.
මෙම නිලධාරියා ආරක්ෂිත ක්‍රමවේද යොදාගෙන වෙළෙඳසල්වලට පැමිණ තිබුණද වෙළෙඳසල්වල සේවකයන්ව පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කිරීමට නියමිතය.
1080 Views
Comments