පුද්ගල දුරස්ථභාවය අමතක කළහොත් තත්වය භයානක විය හැකියි – වෛද්‍ය සුදත් සමරවීර

පසුගිය කාලයේ සමාජය තුළින් පසුගිය කාලයේ කොවිඩ් රෝගීන් වාර්තා නොවුනත් මග හැරුණු හෝ හදුනා නොගත් විශේෂයෙන්ම රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන Covid- 19 ආසාදිතයින් සිටිය හැකි බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
ඒ මහතා ඊයේ (24) උදෑසන අදහස් දක්වමින් කියා සිටියේ සමාජය තුලින් රෝගීන් වාර්තා වීමේ අඩුවක් ඇති බවත් එය යහපත් තත්වයක් බවයි.
නමුත් පවතින තත්වය හමුවේ ජන ජීවිතය යථාවත් කිරීමට ඇඳිරි නීතිය ඉවත් කර ඉඩ ලබා දී තිබුනත් මෙම රෝගය සමාජයෙන් මුළුමනින්ම ඉවත් වී ඇති බව පැවසිය නොහැකි බව ඔහු සඳහන් කළේය.
එම නිසා ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ එදිනෙදා වැඩ කටයුතු සිදුකිරීමේදී පැවති තත්වය අමතක කරමින් පුද්ගල දුරස්ථ භාවය රඳවා නොගනිමින් තදබදයක් ඇතිවන ආකාරයෙන් හැසිරුණහොත් තත්වය භයානක විය හැකි බව ඒ මහතා පැවසීය.
819 Views
Comments