විවාහ උත්සව සැලසුම් කරන අයට උපදෙස්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
25

විවාහ උත්සව සැලසුම් කරන අයට උපදෙස්

විවාහ උත්සව සැලසුම් කරන අයට උපදෙස්

නුදුරු දිනවලදී විවාහ මංගල්‍ය උත්සව පැවැත්වීමට සැලසුම් කරන්නේ නම්, එම උත්සව උපරිම වශයෙන් ආරාධිතයින් 100 දෙනෙකුට සීමා කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

 

විවාහ මංගල්‍ය උත්සව මෙන්ම අනෙකුත් සියලූම උත්සව සංවිධාන කළ යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ අනුව බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික සෞඛ්‍ය, වෘත්තීය සෞඛ්‍ය සහ ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් සඳහන් කලේ.

 

“විවාහ උත්සවය සැලසුම් කිරීමේදී හැකි තරම් ඊට සහභාගිවෙන පිරිස අවම කර ගන්න අදාළ පාර්ශ්ව පියවර ගත යුතු වෙනවා. එහිදී මංගල උත්සවය පවත්වන ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරිවරයා ගෙන් ඒ සඳහා අවසරය ගත යුතු වෙනවා. එමෙන්ම මංගල උත්සවය තුලදී සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක කිරිම අනිවාර්ය වනවා” යැයි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

views

771 Views

Comments

arrow-up