කිසිඳු විදේශගත ශ්‍රී ලාංකිකයෙක් තනි කරන්නේ නැහැ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
07

කිසිඳු විදේශගත ශ්‍රී ලාංකිකයෙක් තනි කරන්නේ නැහැ

කිසිඳු විදේශගත ශ්‍රී ලාංකිකයෙක් තනි කරන්නේ නැහැ

කොරෝනා ව්‍යසනයත් සමග ඊට මැදිවී සිටින විදේශගත ශ්‍රී ලාංකිකයින් පිළිබඳව ශ්‍රී ලංකා රජය අවධානයෙන් සිටින බවත්, ජාත්‍යන්තර නිසි ක්‍රමවේදයන්ට අනුව ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට අවස්ථාව උදාවූ පසු ඒ සඳහා කටයුතු කරන බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

 

ඉතාලියට අයත් MSC මැග්නිෆිකා මගී නෞකාවේ සූපවේදියෙකු ලෙස සේවය කළ අනුර බණ්ඩාර නැමැති ශ්‍රී ලාංකිකයා අන්තර්ජාලය ඔස්සේ ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමට අනුව එම නෞකාව සේවා සැපයුම් ලබා ගැනීමට කොළඹ වරායට ළගා වූ වහාම නිසි ක්‍රමවේදයන්ට අනුව ඔහු එම නෞකාවෙන් ලබා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කළ බව ද අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

පවතින තත්ත්වය හමුවේ ⁣විදේශගතව සිටින ශ්‍රී ලාංකාවට නැවත පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයින් ද අවස්ථාවක් ලැබුණු පසු ජාත්‍යන්තර ආරක්ෂක ක්‍රමවේදයන්ට අනුව ඔවුන් ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ද පැවසීය.

 

ලොව පවතින තත්ත්වය හමුවේ මේ අවස්ථාවේ විදේශගතව සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට ක්‍රමවේදයක් නොමැති බවත් සඳහන් කළ අගමැතිවරයා, වගකිවයුතු රජයක් හැටියට විදේශගත කිසිඳු ශ්‍රී ලාංකිකයෙක් තනි නොකරන බවත් අවධාරණය කළේය.

 

views

616 Views

Comments

arrow-up