ජපන් "අවිගන්" ඖෂධය කොරෝනා රෝගීන් දෙන්න් විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශවලින් පසුවයි

ජපාන විසින් නිශ්පාදනය කර ඇති කොවිඩ් 19 වෛසරයට භාවිත කළ හැකි ඖෂධය පිළිබද මෙරට වෛද්‍ය විශේෂඥයින් විසින් අධ්‍යනය කළ යුතු බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
එම අධ්‍යනයෙන් පසුව එය මෙරට කොරෝනා රෝගීන් සඳහා ලබා දෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරනයක් ගනු ඇති බවයි එහි වසංගත රෝග අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ.
අදාල ඖෂධය කොරෝනා වෛරසයෙන් ඇතිවන සංකූලතා අවම කිරිමට යොදා ගන්නා අතර මේ වන තෙක් කොරෝනා වෛරසය වැළැක්වීමට කිසිදු ඖෂධයක් ලෝකයේ සොයාගෙන නොමැති බව ද සුදරත් සමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළා.
756 Views
Comments