කොරෝනාට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රුපියල් මිලියන 25 ක් ලබා දෙයි

ජාතික සෞඛ්‍ය අර්බුදයක් නිර්මාණය කර ඇති කොවිඩ් -19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා දරන උත්සාහයට සහාය වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රජයට ඩොලර් මිලියන 25 ක මුදලක් ප්‍රදානය කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව වහාම ඒම ප්‍රදානය රජයට භාර දෙනු ඇත. පවත්නා සෞඛ්‍ය ගැටලුවේ බරපතලකම අවබෝධ කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, අර්බුදයට එරෙහිව සටන් කිරීම සඳහා රජයට සිය පූර්ණ සහාය ලබා දීමට තවත් පියවර කිහිපයක් ගෙන තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විටත් සියළුම දේශීය ක්‍රිකට් තරඟාවලි කල්තබා ඇති අතර, වැඩිදුර දැනුම් දීමක් සිදුකරන තෙක් අපගේ ක්‍රීඩකයින්ගෙන් (පළමු පන්තියේ සහ ජාතික) සහ සේවකයින්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම කාලය තුළ රජයේ නියෝගවලට අවනත වෙමින් ගෘහස්ථව රැඳී සිටින ලෙසයි.
ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩකයින් ඔවුන්ගේ සමාජ මාධ්‍ය වේදිකා හරහා කොවිඩ් -19 ට එරෙහි සටනට නිරන්තරයෙන් සහයෝගය දක්වන්නේ රසිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ආරක්ෂිතව සිටින ලෙසයි.
797 Views
Comments