කොරෝනා වෛරසය වාතයේ පැය තුනකට අධික කාලයක් ජීවී ලෙස පවතී
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
18

කොරෝනා වෛරසය වාතයේ පැය තුනකට අධික කාලයක් ජීවී ලෙස පවතී

කොරෝනා වෛරසය වාතයේ පැය තුනකට අධික කාලයක් ජීවී ලෙස පවතී

ගෝලීය වසංගතයක් බවට පැතිර ගොස් ඇති අතිශය බෝවන නව කොරෝනා වෛරසය වාතයේ ජල බිඳිති අතර පැය ගණනක් ජීවී ලෙසින් පැවතිය හැකි බවත් ඉන් බෝවිය හැකි බවත් නව අධ්‍යනයකින් හෙලි වී ඇතැයි රොයිටර් පුවත් සේවය පවසයි.

 


එමෙන්ම පෘෂ්ඨ මතුපිට දින ගණනක් දක්වා තිබිය හැකි බවත් ඉන් බෝ විය හැකි බවත් එම නව අධ්‍යයනයට අනුව තහවුරු වී තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය ආයතනයේ කොටසක් වන ජාතික ආසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනයේ (NIAID) විද්‍යාඥයෝ ආසාදිත පුද්ගලයෙකුගෙන් ලබාගන්නා ලද වෛරස සාම්පල ගෘහස්ථ හෝ රෝහල් පසුබිමක මතුපිටට වැට්ටවීමට කැස්ස හෝ එම මතුපිට ස්පර්ශය මගින් උත්සාහ කළහ. 

 


කැස්සකින් පිටත්වන බිඳිති අනුපිටපත් කරන වායුසෝලයක් විසුරවා හැරීමට ඔවුන් විශේෂ උපකරණයක් භාවිතා කර තිබේ.
විද්‍යාඥයන් පසුව SARS-CoV-2 වෛරසය මෙම පෘෂ්ඨ මත කොපමණ කාලයක් ආසාදනය වී ඇත්දැයි සොයා බැලූ බව  නිව් එංගලන්ත වෛද්‍ය සඟරාවේ අන්තර්ජාලය ඔස්සේ පළ වූ අධ්‍යයනයේ සඳහන් වෙයි.

 


යමෙකු කැස්ස හෝ කිවිසුම් යන විට මුදා හරින ලද බිඳිති අවම වශයෙන් පැය තුනක්වත් වාතාශ්‍රය තුළ ජීවී ලෙස පවතී,එවිට මිනිසුන්ට තවමත් ආසාදනය විය හැකි බව එම අධ්‍යනය මගින් සොයාගෙන තිබේ.

 


"ප්ලාස්ටික් සහ මල නොබැඳෙන වානේ මත, දින තුනකට පසුවත් ජීවී වෛරසය හඳුනාගත හැකිය. කාඩ්බෝඩ් මත, පැය 24 කට පසු වෛරසය අජීවී තත්ත්වයට පත්වේ. තඹ මත, වෛරසය අක්‍රිය වීමට පැය 4 ක් ගතවිය."යැයි එහි සඳහන් වෙයි.

 

views

704 Views

Comments

arrow-up