අද කාලගුණය
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
15

අද කාලගුණය

අද කාලගුණය

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ වර්ධනය වී පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ.

 

දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

බස්නාහිර, මධ්‍යම, සබරගමුවසහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී.100 ක පමණ තද වැසි ඇතිවිය හැක.

 

බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.  

 

සුළංනිරිත දෙසින්හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළං වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.  

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්භාවයේ පවතී.

 

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

views

233 Views

Comments

arrow-up