සජිත් ප්‍රේමදාසගෙන් අධ්‍යාපන ඇමතිට ආරාධනයක්

ඡන්ද කටේ පළාත් පාලන ආයතන වලට බෙදන්නට වෙන් කළ රුපියල් ලක්ෂ සීයක මුදල ස්මාර්ට් පන්ති කාමර ඉදිකිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
එම මුදල් වලින් ස්මාර්ට් පන්ති කාමර දහයක් හදන්නට හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාද පිළිගත් බව විපක්ෂ නායකවරයා කීය.
"අධ්‍යාපන අමාත්‍යතුමාට කොහෙන් වත් ආරාධනාවක් ලැබුණේ නෑ. ඒ උනත් මගෙන් නම් ආරාධනාවක් තිබෙනවා. යාලු හිතවත් කමට නෙමෙයි, ඔබතුමාගේ දැනුම කේන්ද්‍ර කරගෙනයි මා ඒ ආරාධනාව කරන්නේ" යනුවෙන්ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
ඡන්ද කටේ තබාගෙන වැරදි වැඩ කරන්න එපා යැයි කී විපක්ෂ නායකවරයා අනිවාර්යයෙන්ම එවැනි ක්‍රියා අභියෝගයට ලක් කරන බවද සඳහන් කළේය. බංකොලොත් රටක කිසිම වග වීමක් නැතිව මෙලෙස කටයුතු කරන්නේ ඇයි දැයි සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.
240 Views
Comments