ඩුබායි අධිකරණයකින් ශ්‍රී ලාංකිකයන් තුන් දෙනෙකු වරදකරු කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
21

ඩුබායි අධිකරණයකින් ශ්‍රී ලාංකිකයන් තුන් දෙනෙකු වරදකරු කරයි

ඩුබායි අධිකරණයකින් ශ්‍රී ලාංකිකයන් තුන් දෙනෙකු  වරදකරු කරයි

ඉස්ලාම් ආගමට අපහස වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කළ බවට චෝදනා එල්ල වූ ශී‍්‍ර ලාංකිකයින් තිදෙනෙකුට ඩුබායි අධිකරණය ඩිරාම් ලක්‍ෂ 5ක දඩයක් නියම කර තිබෙනවා.

 


මෙම ශී‍්‍ර ලාංකිකයින් තිදෙනා ඩුබායිහි තරු පහේ නිවාඩු නිකේතනයක ආරක්‍ෂක භටයින් ලෙස සේවය කර ඇති බවයි පැවසෙන්නේ.
ඔවුන් ඉස්ලාම් ආගමට අපහස වන අයුරින් ෆේස්බුක් සහ ඉන්ස්ටග‍්‍රෑම් හරහා අදහස් පළ කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.

 

මෙලෙස දඩ නියම වී ඇත්තේ වයස අවුරුදු 28 ත් 34 ත් අතර වයස් සීමාවල පසුවන ශී‍්‍ර ලාංකිකයින් තිදෙනෙකුටයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ට පළමු වරට චෝදනා එල්ල වී ඇත්තේ ඉකුත් වසරේ මැයි මාසයේදී බවටද වාර්තා පළ වනවා.

 

තමන් සිදුකළ වරද ඔවුන් තිදෙනාම පිළිගෙන ඇති බවද විදෙස් වාර්තාවල දැක්වුණා.

 

views

826 Views

Comments

arrow-up