ශ්‍රී ලංකාව කාන්තාවට සැලකීම ගැන ලොවටම ආදර්ශයක් - ජනපති
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
08

ශ්‍රී ලංකාව කාන්තාවට සැලකීම ගැන ලොවටම ආදර්ශයක් - ජනපති

ශ්‍රී ලංකාව කාන්තාවට සැලකීම ගැන ලොවටම  ආදර්ශයක්  - ජනපති

ජාත්‍යන්තර කාන්තා දින වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ යම් රටක් කාන්තාවට සලකන ආකරය එරට සැබෑ සංවර්ධනය පෙන්නුම් කරන සමාජ දර්ශකයක් බව ත් ඒ අතින් ශ්‍රී ලංකාව සෙසු බොහෝ රටවලට ආදර්ශයක් සපයා ඇති බවයි මෙරට සමාජය ස්ත්‍රිය දියණියක, සහෝදරියක, බිරිඳක මවක සහ ගෘහණියක ලෙස අතීතයේ සිට ගෞරව බුහුමනින් යුතුව අගය කළ බවයි.

 

මූල්‍යමය වශයෙන් ගණනය නොකළ ද ජාතික නිෂ්පාදනයට ඇයගෙන් ලැබෙන දායකත්වය ඉහළ අගයක් ගන්නා බව පවසන ජනාධිපතිවරයා සිය පණිවුඩය මගින් අවධාරණය කරන්නේ, ස්ත්‍රියගේ අභිමානය ගෞරවය සහ සතුට ආරක්ෂා කරමින් ඇය පෝෂණය කිරීම සමාජ වගකීමක් බවයි.

 

මේ වනවිට ක්ෂේත්‍ර ගණනාවකම වැඩි නියෝජනයක් අත්කර ගෙන සිටින කාන්තාව ක්ෂේත්‍ර ගණනාවකදී ම පිරිමියාට අභියෝග කරමින් සිටින බව ද එහි සඳහන් ය.

 

සිය පණිවුඩය මගින් ජනාධිපතිවරයා සඳහන් කර සිටින්නේ, දේශපාලන ක්ෂේත්‍රයේ කාන්තාවගේ සහභාගීත්වය තවත් වර්ධනය කළ යුතුව ඇති බවයි.

 

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය කාන්තාවගේ සමාජ ආර්ථික දායකත්වය ප්‍රවර්ධනයට ප්‍රතිඥා දී ඇති බවත් එහි සඳහන් අට වැදැරුම් ක්‍රියාමාර්ග යාථාර්ථයක් බවට පත් කෙරෙමින් තිබෙන බවත් ජානධිපතිවරයා නිකුත් කළ පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් ය.

views

623 Views

Comments

arrow-up