දැරියක් වේවැල් පහරින් මියගිය සිද්ධියට අදාල කාන්තාවන් දෙදෙනා 12 තෙක් රිමාන්ඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
01

දැරියක් වේවැල් පහරින් මියගිය සිද්ධියට අදාල කාන්තාවන් දෙදෙනා 12 තෙක් රිමාන්ඩ්

දැරියක් වේවැල් පහරින් මියගිය සිද්ධියට අදාල කාන්තාවන් දෙදෙනා 12 තෙක් රිමාන්ඩ්

අමනුෂ්‍ය දෝෂයක් හේතුවෙන් යාතුකර්මයක් වන බව පවසා වයස අවුරුදු 9 ක දැරියකට තෙල් සම්බාහනය කර වේවැලකින් පහරදී මරණයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා මෙම මස දොළොස් වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

 

අදාල කාන්තාවන් දෙදෙනා අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබෙනවා.

 

එක් කාන්තාවක් එම දැරියගේ මව වන අතර අනිත් කාන්තාව දැරිවියට පහර දුන් කාන්තාවයි.

 

අමනුෂ්‍ය දෝෂයක් ඇති බවට පවසා යාතු කර්ම සිදුකරමින් පෙරේදා මීගහවත්ත කඳුබොඩ ප්‍රදේශයේ දී දැරිය මියගොස් තිබුණා.

views

1242 Views

Comments

arrow-up