මෛත්‍රීගේ පුතාට පහරදීම ගැන අධිකරණයෙන් පොලිස්පතිට නියෝගයක්

නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න මහතාට පහරදීමට අදාළ පරීක්ෂණ පෑලියගොඩ පොලිසියෙන් ඉවත්කර වෙනත් විශේෂ විමර්ශන අංශයක් වෙත යොමුකිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා විසින් පොලිස්පතිවරයාට නියෝගය කරනු ලැබුවා.
මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී පහරකෑමට ලක්වූ බව කියන නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මෙන්ම පොලීසිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා කරුණු දක්වමින් එම සිද්ධියට අදාළ විමර්ශන අපක්ෂපාති හා ස්වාධීන ආකාරයෙන් සිදුකිරීම සඳහා එය පෑලියගොඩ පොලිස් ස්ථානයෙන් ඉවත්කොට වෙනත් විශේෂ විමර්ශන ඒකකයක් වෙත යොමුකරන ලෙස ඉල්ලීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා මෙම විමර්ශනයට අදාළව පැමිණිල්ල යළි ලබන 15 වනදා කැඳවීමට නියම කළේය.
792 Views
Comments