“ගුරු වෘත්තියට නියම තැන දෙනවා” - අනුර කුමාර
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
29

“ගුරු වෘත්තියට නියම තැන දෙනවා” - අනුර කුමාර

“ගුරු වෘත්තියට නියම තැන දෙනවා” - අනුර කුමාර

තම රජයක් යටතේ ගුරු වෘත්තිය රටේ ප්‍රධාන වෘත්තීය දහයෙන් එකක් බවට පත් කරනවා යැයි ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා මඩකලපුවේදී පැවසීය.

 

උතුරේත් දකුණේත් නැගෙනහිරත් සෑම සියලු දෙනාම වෙනසක් බලාපොරොත්තු වෙන බව පැවසූ දිසානායක මහතා දෙමළ භාෂාව කතා කරන පුරවැසියන්ගේ සහය ද ඒ සඳහා ඉල්ලා සිටින බව කීය.

 

ජාතික ජන බලවේගය සමඟ හැප්පීමට තරම් දකුණේ කිසිදු දේශපාලන පක්ෂයක් දැනට නැති බවද ඔහු සඳහන් කළේය.

 

දෙමළ භාෂාව කතා කරන පුරවැසියන්ට ඒ භාෂාවෙන්ම රජය සමඟ කටයුතු කිරීමට අවස්ථාව දෙන බවද ඔවුන්ගේ ආගම සංස්කෘතිය ආරක්ෂා කරමින් ඒවා ගොඩනැගීම සඳහා අවශ්‍යය සියලු දේවල් සම්පාදනය කර දෙන බවද හෙතෙම කීය.

 

දිසානායක මහතා මේ අදහස් පළ කළේ පැවති ගුරු සමුළුව අමතමිනි.

views

207 Views

Comments

arrow-up