JUN
23
බස් රථයක් අත්ට්‍රැක්ටරයක ගැටී සිදුවූ අනතුරින් කාන්තාවක් මරුට

හලාවත - පුත්තලම ප්‍රධාන මාර්ගයේ ජයබිම ප්‍රදේශයේදී බස් රථයක් ඊට ඉදිරියෙන් ධාවනය වූ අත්ට්‍රැක්ටරයක පිටුපස ගැටී සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ.
එමෙන්ම එම අනතුරින් තුවාල ලැබූ තවත් පුද්ගලයින් 10 දෙනෙකු හලාවත රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පවසයි.
ඊයේ (22) එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ, පහළ ගිරිබාව ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි කාන්තාවකි.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
233 Views
Comments