ගසක් වැටීමෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
23

ගසක් වැටීමෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා

ගසක් වැටීමෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා

උඩරට දුම්රිය මාර්ගයේ ගලබඩ හා ඉඟුරුඔය දුම්රිය ස්ථාන අතර පෙන්රෝස් ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට විශාල ගසක් අද (23) උදෑසන කඩා වැටීම හේතුවෙන් දුම්රිය මාර්ගය අවහිර වී ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

 

මේ හේතුනේ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා සිදුව ඇති බවත්, දුම්රිය මාර්ගයට වැටී ඇති ගස කපා ඉවත් කිරීමේ කටයුතු සිදු කිරීම සඳහා දුම්රිය සේවකයන් කටයුතු කරමින් සිටින බවද දුම්රිය පාලක මැදිරිය කියයි.

 

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදවිය හැකි බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කරයි.

views

211 Views

Comments

arrow-up