JUN
07
පොලීසියට ඇවිත් කොස්තාපල්වරියගේ මුදල් පසුම්බියට විද්ද අඹු-සැමි යුවළ මාට්ටු

පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පොලීසියට පැමිණි අඹු-සැමි යුවළක් පොලිස් කොස්තාපල්වරියකගේ මුදල් පසුම්බියක් සොරාගෙන ගොස් ඇති බව වාද්දුව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව කුරේ මාවතේ පදිංචි අඹු-සැමි යුවළකි.
ඔවුන් දෙදෙනා අද (06) පස්වරුවේ වාද්දුව පොලීසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණ සිට ඇති අතර, ඊට යාබදව පිහිටි ළමා හා කාන්තා කාර්යාංශයේ මේස ලාච්චුවක තිබූ මුදල් පසුම්බිය සොරාගෙන ගොස් ඇති බව පොලීසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකය.
232 Views
Comments