ටියුෂන් ගිය සිසුවියන් තිදෙනෙක් ආගිය අතක් නෑ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
31

ටියුෂන් ගිය සිසුවියන් තිදෙනෙක් ආගිය අතක් නෑ

ටියුෂන් ගිය සිසුවියන් තිදෙනෙක් ආගිය අතක් නෑ

ගම්පහ යක්කල ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගිවීමට ගිය 14 හැවිරිදි සිසුවියන් තිදෙනකු පෙරේදා (29) සවස සිට අතුරුදන් බවට පැමිණිලි ලැබී ඇතැයි යක්කල සහ වීරගුල පොලිසි පවසයි.

 

යක්කල පොලිසියට එක් පැමිණිල්ලක් ලැබී ඇති අතර අනෙක් පැමිණිලි දෙක වීරගුල පොලීසියට ද ලැබී ඇත.

 

එම සිසුවියන්ගේ මවුවරුන් මෙම පැමිණිලි කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

 

අතුරුදන් සිසුවියන් තිදෙනා ගම්පහ යක්කල ප්‍රදේශයේ පාසලක 9 වැනි වසරේ ඉගෙනුම ලබන මිතුරියන් බවත් ඔවුන් තිදෙනා පෙරේදා (29) රාත්‍රිය වනතුරුත් නිවෙසට නොපැමිණි බවත් සඳහන් කරමින් පැමිණිලි කර ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.

 

අතුරුදන් සිසුවියන් තිදෙනා ගැන ඊයේ (30) වනතුරුත් කිසිදු තොරතුරක් දැන ගැනීමට නොලැබුණු බව යක්කල සහ වීරගුල පොලිසි පවසයි. යක්කල සහ වීරගුල පොලීසිවල ළමා හා කාන්තා කාර්යාංශය සහ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු මෙී පිළිබද පරීක්ෂණ පවත්වති.

views

237 Views

Comments

arrow-up